1970 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ නව ලිබරල්වාදී විවෘත ආර්ථිකය වෙත ඇද දමන ලද කම්කරු පන්තියට, එනම් අවිධිමත් සහ දෛනික වැටුප් ලබන ගොවීන්ට, ධීවරයන්ට, වතු කම්කරුවන්ට සහ ස්වයං රැකියාලාභී කාන්තාවන්ට එරෙහි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවල ආක්‍රමණය 2026 මැයි දිනයේ දී යුක්ති සාමූහිකය විසින් නැවත අවධාරණය කර සිටියි. ණය අර්බුදය සහ ධනේශ්වර ක්‍රමය විසින් නිර්මාණය කරන ලද කප්පාදු ක්‍රියාමාර්ග මධ්‍යයෙහි ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය දැඩි ලෙස සූරාකෑමට ලක්ව ඇත.
2022 වර්ෂයේ දී ණය අර්බුදය නිර්මාණය වීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැළපුම් වැඩසටහනට භාජනය වී සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ප්‍රතිසංස්කරණ වලට විදේශීය පෞද්ගලික ස්වෛර්ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා බැඳුණු, ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාව තුළ ඉහළ දමන ලද එකතු කළ අගය මත බදු (වැටී බදු) අනුපාත, දැඩි රාජ්‍ය මූල්‍ය සීමා සහ සුභසාධන වියදම් ඇතුළත් වේ. එමෙන්ම එය ජනතාවගේ අයිතිවාසිකම්, යහ පැවැත්ම සහ ජීවනෝපාය සඳහා වන ආරක්ෂණයන් ඉවත් කරන, ආර්ථිකයෙහි, එනම් ඉඩම්, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ වෙළඳාම යන අංශවල, ඉතා විශාල නියාමනයක් ඉවත් කිරීමෙහි කොටසක් ද වේ.
2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී දරුණු දේශගුණික ව්‍යසනයක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවට මුහුණ දුන් ශ්‍රී ලංකාව දැන් ඉරානයට එරෙහි එක්සත් ජනපද ඊශ්‍රායල් යුද්ධයෙන් බැටකමින් සිටියි. අධිරාජ්‍යවාදී බලවේග විසින් ගෝලීය ආර්ථික අර්බුද මෙහෙයවනු ලබන විට, ශ්‍රී ලංකාව වැනි රටවල කම්කරු පන්තිය අර්බුදය විසින් නිර්මාණය කරන ලද සැපයුම් දාම හිගයන්, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල අධික මිල, සහ රැකියා, ජීවනෝපාය සහ ආදායම් අහිමි වීම ආදියෙන් පීඩා විඳිති.
ගෝලීය දකුණේ ආර්ථිකයන් ගෝලීය උතුරේ ධනය මත යැපෙන බව සහතික වන පරිදි නිර්මාණය කර ඇති අතර, කම්කරු පන්තිය හිතාමතාම කම්පනයන්ට නිරාවරණය කරයි. ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය වියදම් සීමා සහ දේශගුණික ව්‍යසනය සඳහා සහනදායී නොවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ගැනීම්වල අධික පීඩනය සමග දිට්වා සුළි කුණාටුවේ මානුෂීය ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටියි.
පසුගිය වසර අවසානයේ දී දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කඩා වැදුණු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ඉලක්ක පිළිබඳ මූලික උපකල්පන අහෝසි වී ගියද, ශ්‍රී ලංකාවේ මිලියන 2.2 ක ජනතාවකට බලපෑ එවැනි දේශගුණික ව්‍යසනයක් ණය සේවාකරණය අත්හිටු වීමට සහ කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේග රජයට බල නොකිරීම ඇදහිය නොහැකි කරුණකි. ව්‍යූහාත්මක ගැළපුම් වැඩසටහනෙහි කොන්දේසි මෙම මානුෂීය හදිසි අවස්ථාවට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට ඇති හැකියාව සීමා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දේශගුණික වන්දි ලබා දෙනවා වෙනුවට, එ.ජ.ඩො. මිලියන 206 ක තවත් ණය මුදලක් ලබා දුන් අතර, එයින් රටෙහි ණය බර වැඩි විය.
පාරිසරික ව්‍යසනය හේතුවෙන් ඇති වූ කම්පනයට අමතරව, ඉරානයට එරෙහි එක්සත් ජනපද ඊශ්‍රායල් යුද්ධයේ ගෝලීය ප්‍රතිවිපාකය නවතම බිඳවැටීමේ ලක්ෂ්‍යය වී තිබේ. ශ්‍රී ලංකාව වැනි ආනයන මතයැපෙන සහ අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයන්ට, එක මත එක පැමිණි මෙම යථාර්ථයන් රටේ අවදානම තවත් තීව්‍ර කරමින් තෙල් මිල ඉහළ යාමට, උද්ධමනය වේගවත් වීමට සහ දැනටමත් පහතවැටී ඇති විදේශ විනිමය සංචිත සහ මිල පාලනය සඳහා ඇති අවකාශය තවදුරටත් සීමා කිරීමට හේතු වී ඇත. මෙම විදේශ විනිමය සීමාවීම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහයට සහ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ජීවනෝපායන්ට බලපායි. යන්ත්‍රෝපකරණ සහ ප්‍රවාහනය සඳහා බොරතෙල් මත සහ වගාව සඳහා රසායනික පොහොර මත යැපෙන ගොවීහු සහ ධීවරයෝ බලපෑමට ලක්වෙති. තෙල් සහ පොහොර සැපයුම් දාමවල බිඳවැටීම ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි කර, ආදායම පහත දමනවා පමණක් නොව, ආහාර නිෂ්පාදනය ද අඩු කරයි. මේ අනුව, ණය ආපසු ගෙවීමේ කොන්දේසිවල කිසිදු වෙනසක් නොමැතිව, ව්‍යූහාත්මක ගළපුම් වැඩසටහනෙහි බර මෙන් ම මෙම අර්බුදයේ සැබෑ පිරිවැය ද නැවතත් දැරීමට සිදුව ඇත්තේ වැඩ කරන ජනතාවට ය.
අර්බුදයෙන් අර්බුදයට, ජාත්‍යන්තර සහ දේශීය ප්‍රභූන් බලය සහ ධනය රැස් කර ගනිති; සේවා යෝජකයන්ට සහ ධනපතියන්ට සහන පිරිනමනු ලබයි. කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ අයිතිවාසිකම් කප්පාදු කර ජීවනෝපායන් බිඳවට්ටනු ලැබේ. කණගාටුවට කරුණ නම්, මෙම රජය ‘ක්‍රම වෙනසක්’ සිදුකරනවා වෙනුවට ‘ක්‍රම අඛණ්ඩව පවත්වා ගැනීම’ තෝරාගෙන තිබීමයි. 2027 වර්ෂයේ මාර්තු 17 වන දිනෙන් පසුව මෙම තත්වය නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනක් සඳහා මාර්ගය සකස් කර දෙන අතර, එය බැඳුම්කර හිමියන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ග්‍රහණය දැඩි කර, ශ්‍රී ලංකාවේ සමාජ – ආර්ථික හා දේශපාලන ප්‍රාණ ඇපකාත්වය දීර්ඝ කර, අපගේ අනාගතය ගොඩනැගීම සඳහා අපට ඇති අයිතිය අහිමි කරයි.
නිෂ්පාදනය කරන, ප්‍රතිනිෂ්පාදනය කරන සහ අපගේ ජනතාව සහ පෘථිවිය රැක බලා ගන්නා ආර්ථිකයක් නිර්මාණය කරන ලෙස යුක්ති සාමූහිකය ඉල්ලා සිටියි. කප්පාදු ක්‍රියාමාර්ග අවසන් කරනු! නීත්‍යානුකූල නොවන ණය අහෝසි කරනු!
2026 මැයි 01 වෙනි දින.
Leave a comment