Home Press Release Statements පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ ‘නීතියේ තේරීම’ විධිවිධානය පිලිබඳවයි.
Statements

පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කරගන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ ‘නීතියේ තේරීම’ විධිවිධානය පිලිබඳවයි.

9

By YUKTHI

ශ්‍රී ලංකාව මේ වන විට එහි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටී. 2022 දී ශ්‍රී ලංකාව එහි බාහිර ණය ගෙවීම පැහැර හැරීමත් සමඟ මුල් ණය ගිවිසුම් යටතේ ගෙවීම් නතර කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ණය හිමියන්ට ගෙවීම් කරන්නේ කවදාද, කොපමණ ප්‍රමාණයක් සහ කොපමණ කාලයක් සඳහාද යන කරුණු වලට එකඟ වෙනු ඇති. මෙම කොන්ත්‍රාත්තුවේ නියමයන් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ බාහිර වෙළෙඳපොළ ප්‍රවේශය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන 2027 න් පසුවයව.(2) මේ ණය ආපසු ගෙවීම සිදු කෙරෙන ආකාරය තවත් අර්බුදයකට, තවත් පැහැර හැරීමකට තුඩු දිය හැකි අතර එය ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවට බලපානු ඇත. ප්‍රතිව්‍යුහගත බැඳුම්කර ඇතුළු ස්වෛරී බැඳුම්කර කොන්ත්‍රාත් නීතිය මත පදනම් වේ, කිසිදු ගිවිසුමක් හෝ වෙනත් බහුපාර්ශ්වික නෛතික රාමුවක් විසින් පාලනය නොවේ. එබැවින්, ආරවුලක් ඇති වූ විට අදාළ වන නීතිය ඇතුළු නියමයන් සහ කොන්දේසි පිළිබඳව එකඟ වීමට පාර්ශවයන් (ණය හිමියන් සහ ණයගැති රාජ්‍යයන්) න්‍යායාත්මකව නිදහස්ය (3).

2024 සැප්තැම්බර් 19 වන දින, ශ්‍රී ලංකා රජය, තාවකාලික බැඳුම්කර හිමියන්ගේ සමූහය, ශ්‍රී ලංකාවේ දේශීය සමුහය සහ චීන සංවර්ධන බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹෙන බවට නිවේදනය කළේය.(4) ප්‍රතිපත්තිමය ගිවිසුමක් යනුවෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් අතර තවමත් නීත්‍යානුකූලව බැඳී ඇති හෝ බලාත්මක කළ හැකි ගිවිසුමක් නොමැති බවයි. 

මේ නිවේදනය මත පදනම්ව, තාවකාලික බැඳුම්කරුවන්ගේ සමූහයේ මෙහෙයුම් කමිටුවේ ‘සීමා සහිත සාමාජිකයින්(5)‘ සමඟ ඇතිකරගත් මෙම ‘ප්‍රතිපත්තිමය එකඟතාවය‘ යටතේ ණය හිමියන්ට නිව් යෝර්ක් නීතියට බැඳී නොසිටීමට තීරණය කිරීමට ඉඩ සලසන වගන්තියක් ඇතුළත් වේ.  දැනට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුළු තොගයෙන් සියයට පනහකට වඩා පවතින්නේ නිව් යෝර්ක් නීතියට යටත්වයි.  මේ තීරණයට ඊට සම්බන්ධ සියලුම ණය හිමියන් අතර පවා වැඩි එකඟතාවක් අවශ්‍ය නොවේ. (7) තවද, ණය හිමියන් විසින් එවැනි නීති වෙනස් කිරීමක් කලොත් එය නිෂේධ කිරීමට ශ්‍රී ලංකා රජයට බලය ඇති බවක්ද එහි සඳහන් නොවේ.

ගැටළු සහගත තත්වයන්

1. මෙම ‘නීතියේ තේරීම’ වගන්තිය සාධාරණව සහ තිරසාරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවධාරණය කෙරෙන නව නීති මඟ  හැරීමට උත්සාහ ගැනීමකි. විචාරකයන් අනුමාන කරන්නේ ණය හිමියන් නිව් යෝර්ක් නීතිය මග හැරීමට උත්සාහ කිරීමට හේතුව වන්නේ නිව්යෝර්ක්හි යෝජිත ස්වෛරී ණය ස්ථායිතා පනත(8) බවටයි.

යෝජිත නිව් යෝර්ක් නීතිය මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලදී ණයගැති පාර්ශවයන්ට ඇතිවන අවාසිදායක තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීම සඳහා සාධාරණ ප්‍රතිව්‍යුහගත කිරීම් නියම කරයි. මේ පනත් කෙටුම්පතට ප්‍රතිරෝධ එල්ල වන අතර එය තවමත් සම්මත කර නොමැත. 

2. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව මෙවැනි අවාසි සහගත වගන්තියක් අනුගමනය කිරීමෙන් නරක පූර්වාදර්ශයක් සපයයි. රටවල් හැත්තෑවක් පමණ ණය පීඩාවට ලක්ව ඇති අවස්ථාවක ඔවුන් සමඟ සහයෝගීතාව ගොඩනඟා ගැනීම සහ ණය හිමියන් විසින් සිදුකරන පීඩාකාරී සහ නිස්සාරක ණය ප්‍රතිව්‍යුහගත කිරීම්වලට එරෙහි වීම අතාවශ්‍ය වේ. මෙතෙක්, මේ හා සමාන වගන්තියක් සම්මත කර ඇත්තේ සුරිනාම් පමණක් වන අතර, කෙසේ වෙතත්, නීති විකල්පය තෝරාගැනීමේ භාවිතය නිෂේධ කිරීමේ බලය ඔවුන් වෙත රඳවා ගෙන ඇත. (9)

3. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා බොහෝ කලක සිට සිදු කෙරෙන්නේ රහසිගතවය. ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ඇති කර ගන්නා සාකච්ඡා ක්‍රියාවලිය සහ ගිවිසුම් කෙටුම්පත් සමඟ රජයේ ස්ථාවරයන් සහ සාකච්ඡා රාමුව පිළිබඳ මහජනයා සමඟ සන්නිවේදනය කිරීම සහ විනිවිදභාවය ඇතුව සිදු කිරීම මහජන විශ්වාසය ගොඩනැගීම සහ වගවීම සඳහා අතයාවශ්‍යය වේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක ප්‍රතිඵලය විය යුත්තේ රට අත්සන් කිරීමට පෙර ඕනෑම අවසන් ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.

  1. By Ermiza Tegal and Namashya Ratnayake, Attorneys at Law (5 October 2024). The authors thank Dr. Ahilan Kadirgamar and Ms. Yathursha Ulakentheran for their comments. 
  2.  The IMF Debt Sustainability Analysis is based on the assumption that external market access is only restored in 2027. See, International Monetary Fund, ‘IMF Country Report No. 23/116’ (March 2023) at p. 55 available at https://www.imf.org/en/Publications/CR/Issues/2023/03/20/Sri-Lanka-Request-for-an-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-Press-531191
  3. See generally, Philip Wood ‘Choice of Governing Law for Bonds’ (2020) 15 (1), Capital Markets Journal 3
  4. The full text of the announcement is available at https://www.londonstockexchange.com/news-article/70ZL/announcement-of-agreement-in-principle/16674142
  5. Refers to nine members of the Steering Committee of the Ad Hoc Group of Bondholders. The Steering Committee, the ten largest members of the Group, controls approximately 40% of the aggregate outstanding amount of the Bonds. The Ad Group consists of more than 30 institutional holders of the 11 outstanding series of international bonds and represents interests of international investors in the restructuring of Sri Lanka’s debt. For more information on the Ad Hoc Group see,  White & Case LLP, ‘Sri Lanka Bondholders Announce Formation of Group’ (PRSNewswire, 21 June 2022). Available at 
https://www.prnewswire.com/news-releases/sri-lanka-bondholders-announce-formation-of-group-301571937.html
  • International Monetary Fund, The International Architecture for Resolving Sovereign Debt Involving Private-Sector Creditors – Recent Developments, Challenges, and Reform Options 22 n.27 (Sept. 23, 2020) available at https://www.imf.org/en/Publications/Policy-Papers/Issues/2020/09/30/The-International-Architecture-for-Resolving-Sovereign-Debt-Involving-Private-Sector-49796.
  • The relevant text in the above announcement reads at paragraph 8,  “A mechanism to change the governing law of the New York law governed new securities to English or Delaware law with the consent of a supermajority of bondholders if proposed by holders of 20% of any particular series of the new securities was also agreed.”
  • Full text of proposed law is available at: https://www.nysenate.gov/legislation/bills/2023/S5542/amendment/A  

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Statements

தனியார் பிணைமுறி உரிமையாளர்களுடனான கடன் மறுசீரமைப்பு உடன்படிக்கையில் காணப்படும் ‘சட்டத்தின் தெரிவு’ என்னும் வாசகம் குறித்த அக்கறைகள்

By YUKTHI இலங்கை தற்போது அதன் வெளிநாட்டுக் கடன் மறுசீரமைப்புத் தொடர்பில் தனது வெளிநாட்டுக் கடன்...

Statements

CONCERNS WITH THE ‘CHOICE OF LAW’ PROVISION IN THE DEBT RESTRUCTURING AGREEMENT WITH PRIVATE BONDHOLDERS[1]

By YUKTHI Sri Lanka is currently negotiating the restructuring of its foreign...

Statements

அண்மையில் மேற்கொள்ளப்பட்ட பிணைமுறி ஒப்பந்தத்தை நிராகரிக்குமாறு யுக்தி அழைப்பு விடுக்கின்றது

2024 செப்டெம்பர் 30மிகவும் எதிர்பார்க்கப்பட்ட இலங்கையின் சனாதிபதித் தேர்தலுக்கு இரண்டு நாட்கள் முன்னரும்இ தேர்தல்இடைவெளிக் காலப்பகுதி...

Statements

පසුගිය දිනවල සිදුකළ බැඳුම්කර ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලෙස ‘යුක්ති’ ඉල්ලා සිටියි

2024 සැප්තැම්බර් 30 ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපතිවරණයට දින...