Home Press Release Statements බැඳුම්කර ගනුදෙනුවේ හදිසි ‘ප්‍රතිපත්තිමය එකඟතාව’ මැතිවරණ නීති කඩ කිරීමක් වන අතර ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි
Statements

බැඳුම්කර ගනුදෙනුවේ හදිසි ‘ප්‍රතිපත්තිමය එකඟතාව’ මැතිවරණ නීති කඩ කිරීමක් වන අතර ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි

1.3k

20.11.2024

ජනතාව විසින් තෝරා පත්කර ගනු නොලැබූ ජනාධිපතිවරයකු විසින් මෙහෙයවනු ලබන වත්මන් ශ්‍රී ලංකා රජය, බැදුම්කර හිමියන් කණ්ඩායමක් හා එක්ව ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් සැලකිය යුතු කොටසක් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 12.55ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගත් බව නිවේදනය කර තිබේ. අරගලයෙන් පසු තමන් අභිමත නායකයකු තෝරා පත්කර ගැනීම සදහා ජනතාවට අවස්ථාව ලැබෙන අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයකට දින 2 ක ට පෙර එවැනි නිවේදනයක් නිකුත් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලංකා ජනතාවෙග් පරමාධිපත්‍යය හෑල්ලු කරන දේශපාලනික පියවරකි. මෙම මැතිවරණය තුල ආර්ථික ගැටලුව තීරණාත්මක වන අතර දැනට තමන් අත ඇති බලය යොදාගනිමින් මෙම එකඟතාව අහිමිවී යාමේ අවදානමක් මවා පෙන්වීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් කෙරෙහි ඇතිකරන ඍජු බලපෑමකි.

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශය මත පසුගිය වසර පුරාවට සිදුවූ මෙරට පුද්ගලික හා ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුල පාරද්‍රෘෂ්‍යතාවක් හෝ යහපත් අභිප්‍රායන් හදුනාගත හැකි නොවුනි. පුද්ගලික ණය හිමියන් වෙත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා වන ඉල්ලීම ආරම්භවූයේ මීට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක නිරත වූ අන් කවර හෝ දියුණු වෙමින් පවත්නා රටක් නොකල අයුරින් හිතුවක්කාරී ලෙස වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප් අරමුදල් තාක්ෂණිකව හා අධිකාරීමය ලෙස ඊට යටත් කරමිනි. ජනාධිපතිවරයා, ඇමතිවරු සහ ප්‍රබල නිලධාරීහු විශ්‍රාම වැටුප් අරමුදල් වෙත වන මේ අවදානම ජනතාවගෙන් වසන් කිරීමට හිතාමතා කටයුතු කළහ. යථාර්ථය තුල සැලකිය හැකි මට්ටමේ ණය කප්පාදුවක් සිදුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව සිටින තත්ත්වයක් තුල දැනට සිදුවන ණය එකඟතාවන් ඇතිකරගත හැකි හොදම එකඟතාවන් ලෙස හුවා දක්වමින් පුද්ගලික හා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනතාවට සත්‍යය වසන් කිරීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. ණය කන්දේ බර අඩුකර ගැනීමට අසමත්වීම හේතුකොටගෙන ණය බර දැරිය නොහැකිව ඉදිරි වසරවල නැවතතත් ණය ගෙවිය නොහැකි තත්ත්වයකට පත්වීම සිදුවිය හැකිය.

පුද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හදිසි ප්‍රතිපත්තිමය එකඟතාව විසින් නිරූපනය කරන්නේ පවත්නා රජය විසින් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් අනතුරේ හෙලා ඇති ආකාරය යි. දේශපාලන හෝ ආර්ථික බලය අතින් කවර මට්ටමක සිටියද, එකී සියලු රාජ්‍යයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ එක්සත් ජාතීන්ගේ අධිකාරය හිමිකරගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිහඊභඞතාව තුල නිරූපනය වන්නේ එහි ණය හිමියන්ගේ වුවමනාවන් වෙනුවෙන් පක්ෂපාතී වන ප්‍රජාතන්ත්‍රවිරෝධි හැසිරීමයි.

මැතිවරණය අත්‍යාසන්නයේ මෙම එකඟතාව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය කෙරහි ඇතිකරන ලද පැහැදිලි බලපෑම් කිරීමක් ලෙසට එකී ක්‍රියාව හෙලාදකින ලෙස අපි මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ නිරීක්ෂකයින් හා සියලු සිවිල් සංවිධාන වෙතින් ඉල්ලා සිටිමු.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Press ReleaseStatements

தொழிலாளர் வர்க்கத்தின் மீதான ஏகாதிபத்திய யுத்தம் மற்றும் நவதாராளவாதத் தாக்குதல் – மே தினம், 2026

1970களின் பிற்பகுதியிலிருந்து இலங்கையின் நவதாராளவாத திறந்த பொருளாதாரத்தினுள் ஈர்க்கப்பட்ட தொழிலாளர் வர்க்கத்தின் – முறைசாரா மற்றும்...

Press ReleaseStatements

Imperialist War and Neoliberal Onslaught on The Working Class – May Day 2026

On May Day 2026, the Yukthi Collective, reiterates the onslaught of neoliberal...