Home Press Release ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පශ්චාත් යුධකාලීන උතුර කෙරෙහි එහි විනාශකාරී බලපෑම
Press Release

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පශ්චාත් යුධකාලීන උතුර කෙරෙහි එහි විනාශකාරී බලපෑම

111

මාධ්‍ය නිවේදනය

2024 ජූලි 18

2024 ජූලි 18 දින, ප්‍රජා නායකයින්, පර්යේෂකයින්, ක්‍රියාකාරීන්, සහයෝගී ක්‍රියාකරන්නන් සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය තන්තායි චෙල්වා ශ්‍රවනාගාරයේදී යුක්ති සාමුහිකය විසින් සංවිධානය කරන ලද මූලික සාකච්ඡාවක් සඳහා සහභාගි විය. “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදය සහ ශ්‍රී ලංකාවේ උතුර කෙරෙහි එහි බලපෑම” නමින් යුත් මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය වෙනුවෙන් වැඩකරන ජනතාවගේ ව්‍යාපාර සහ අරගලවලට සහයවන බහු සංසදයක් ලෙස ප්‍රේක්ෂක පිරිස යුක්ති වෙත හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහනේ මණ්ඩල සාකච්ඡාව තුළින් ශ්‍රී ලංකාවේ උතුරෙහි විවිධ ප්‍රජාවන්ගේ විවිධ අරගල සහ රජයේ නියෝ ලිබරල් ප්‍රතිපත්ති සමඟ එහි උග්‍ර ජාාතිභේදවාදි න්‍යාය පත්‍රය ආර්ථික අර්බූදය හමුවේ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වයන් බරපතල කර ඇති ආකාරයඅවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නා ලදී. 

යාපනය විශව විද්‍යාලයේ ආචාර්ය අහිලාන් කදිර්ගාමර් ණය අර්බූදය සහ වැඩකරන ජනතාවගේ වර්තමානය සහ අනාගතයට බලපාන රජයේ නියෝලිබරල් ප්‍රතිපත්ති පැහැදිළි කළේය. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සේවකයින්ගේ විශාම අරමුදල් පැහැර ගන්නා ආකාරය ද ඔහු ඉස්මතු කළේය. 

මෙම කථාවෙන් පසුව ප්‍රජා නායකයින්, පර්යේෂකයින් සහ  ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ උතුරේ අර්බූදය විසින් ඇති කළ දැනට පවත්නා ගැටළු සහ ඔවුන්ගේ දැනට පවත්නා කුරිරු ජීවන තත්ත්වයන් සහ ජීවනෝපායන්පවත්නා ආර්ථික අර්බූදය විසින් බරපතල කරන ලද ආකාරය පැහැදිලි කළේය. කයිට්ස් හී  ධීවර නායකයෙක් වන, අන්නලින්ගම් අන්නරාසා මහතා කුඩා පරිමාණ ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ජනතාවගේ ආහාර ආරක්ෂාව බිඳ දමන ලද මුහුදු ආහාර නිෂ්පාදනය පිළිබඳ රජයේ අපනයන කේන්ද්‍රීය වාණිජකරණය පරිභවයට ලක්කළේය. උතුරු ධීවර ප්‍රජාවගේ ඉල්ලීම්වලට ස්වයං-පෝෂණයට, ඉන්ධන සහනාධාරය ආපසු ලබාදීමට” නීති විරෝධී ධීවර කටයුතු තහනම් කිරීමට සහයවන නීති ක්‍රියාත්මක කිරීමට සහ උතුරු ජලාශ අයුතු ලෙස පරිහරණය කරන ඉන්දියන් ට්‍රෝලර් නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වන දේශීය මුහුදු ආහාර නිෂ්පාදනයේදී රජයේ සහයෝගය ඇතුළත්ය. 

තරුණ පර්යේෂක ජාලයේ (YRN) සුගන්යා කන්දීපන් ආර්ථික අර්බූදයේ සිට සිය පරිභෝජනය සඳහා පුද්ගල ණය උගුලේ සිරවුන පවුල්වල  ගෘහස්ථ මට්ටමේ පීඩන තත්ත්වය ඉස්මතු කර දක්වන ලදී. ඇයට පසුව, මුලතිව් තරුණ පර්යේෂක ජාලයේ තනබාලසිංහම් තුලසිරම් කලාපයේ කුඩා පරිමාණ ගොවීන්ට සහ පශු සම්පත් අභිජනනය කරන්නන්ට දඬුවම් කරන අතරම, කෘෂි ව්‍යාපාරයට සහ කෘෂිකර්මාන්තය වාණිජකරණයට අනුබල දෙන ප්‍රතිපත්ති රජය ප්‍රවර්ධනය කරන සන්දර්භයක් තුළ ස්වයංපෝෂිත වීමේ වැදගත්කම අවධාරණය කළේය. මන්නාරම ප්‍රජා නායිකාවක් වන, මොහමඩ් ආමීර් අමීරන් නිෂා,මූසාලිවල ඉඩම් කරා පිවිසීමේදී සිය ගැටළු කථා කරමින් එම ප්‍රදේශයේ හමුදාව විසින් අක්කර දහස් ගණනක පදිංචි වී වෙන් කරගෙන ඇති බව සහ, වන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු බරපතල ලෙස පීඩාවට පත් කර ඇති බව පැවසුවේය. තවද, පෙර පාසල් සම්බන්ධිකාරිකාවක් ලෙස, උතුරු පළාතේ පෙර පාසල් ගුරුවරුන්ට අද දක්වා රුපියල් 6,000ක වැටුපක් ලැබෙන බවත්, ඔවුන්ගේ විරෝධය පළකිරීම් අඛණ්ඩවම නොසලකා හරින බවත් ඇය ඉස්මතු කලාය. ඉඩම්වල අයිතිය පිළිබඳ කථාකරමින්, තරුණ පර්යේෂක ජාලයේ  යතුර්ෂා උලකෙන්දරන්  විසින් විවිධ ප්‍රජාවන්ට විවිධ ක්‍රියාකාරීන් සහ රාජ්‍යය සහ කලාපයේ ප්‍රමුඛ කුලය, පන්ති සහ වාර්ගික කණ්ඩායම් වැනි වාසිදායක අවශ්‍යතා රාශියක් විසින් ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන ආකාරය ඉස්මතු කරන ලදී. අර්බුදයේ සන්දර්භය තුළ, ගෘහස්ථ පෝෂණය සුරක්ෂිත කිරීම සඳහා ආහාර නිෂ්පාදනය සක්‍රීය කිරීමට ඉඩම් නොමැති ප්‍රජාවන්ට ඉඩම් නැවත බෙදා හැරීමේ අදාළත්වය සහ හදිසි අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය. අවසාන වශයෙන් කිලිනොච්චියේ පූනකරි හි ධීවර නායක ෆ්‍රැන්සිස් දේශපාලඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිරන්තරයෙන් රැවටීමට ලක්කරන ධීවර ප්‍රජාවගේ අරගල, තම සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා මාළු ප්‍රෝටීන් මත යැපෙන ශ්‍රී ලංකා ජනතාවගේ වියදමින් ගෙන යන බව අවධාරණය කළේය. 

මෙම වැඩසටහන තුළ සක්‍රීය සකච්ඡාවේදී, තරුණ විශ්ව විද්‍යාල සිසුන් කිහිපදෙනෙක් විසින්ම විරැකියාව පිළිබඳ බිය සහ ආර්ථික අර්බූදයක් තුළ සිය නිවාසවල මූලික අවශ්‍යතාවන්ට සහයවන රැකියා අවස්ථා නිර්මාණය කරන රාජ්‍ය අංශය තුළ රජයේ අඩු ආයෝජනය පිළිබඳ අවධාරණය කළේය. 2024 සහ 2024 තුළ නියමිත මැතිවරණවලින් පසු පිහිටුවන රජය වැඩකරන ජනතාවගේ තත්ත්වය සහ ඔවුන්ගේ අනාගතය ප්‍රමුඛ කළ යුතු බව ඔවුන් පැවසීය. 

යුක්ති සාමුහිකය වැඩකරන ජනතාව මත ජාතික ණය අර්බූදයේ බලපෑම අවබෝධ කර ගැනීම කරා කටයුතු කරයි. අර්බුදයේ පිරිවැය සහ එහි යෝජිත “විසඳුම්” ස්වෛරී බංකොලොත්භාවය, ණය පැහැර හැරීම සහ IMF කප්පාදුව සැලසුම් කළ අය විසින් නොව ජනතාව විසින් දරනු ලබන ආකාරය මෙම වැඩසටහනින් පෙන්වා දේ. 

වැඩිදුර තොරතුරු සඳහා 

සකු එම් ගමගේ

පර්යේෂක සහ මාධ්‍ය කළමනාකරු 

[email protected]

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Press Release

ஜனநாயக சட்ட சீர்திருத்தங்களுக்கு உறுதியளிக்குமாறு ஜனாதிபதி வேட்பாளர்கள் அனைவரிடமும் யுக்தி வேண்டுகோள்

Media Release 13th September 2024 சமீப ஆண்டுகளில் நிறைவேற்றப்பட்ட மற்றும் முன்மொழியப்பட்ட பல ஜனநாயக...

Press Release

YUKTHI Calls All Presidential Candidates to Commit to Democratic Law Reforms

Media Release 13th September 2024 Yukthi urges Presidential candidates to commit to...

Press Release

தேர்தலுக்குப் பிந்தைய பொருளாதாரக் கொள்கை பற்றிய 10 முக்கியமான கேள்விகளுடன் ஜனாதிபதி வேட்பாளர்களுக்கு “யுக்தி” கூட்டு சவால்

பத்திரிக்கை செய்தி 6 செப்டம்பர் 2024, கொழும்பில், நாட்டின் எதிர்காலத்தை வடிவமைக்கும் முக்கியமான ஜனாதிபதித் தேர்தலை...