Photo credits: Amali Wedagedara
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත මාර්තු 4 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීතියක් ලෙස සම්මත කරන ලදී.
ණය ගැතියන් සුරා කෑමෙන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය දීමේ ක්ෂේත්‍රයට බලපත්‍ර ලබා දීම සහ අධීක්ෂණය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීම මෙම පන්තේ
ප්‍රධාන අරමුණු බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
කෙසේ වෙතත්, ” ස්ත්‍රීන් පීඩාවට පත් කරන අධික පොලී අයකර ගන්නා අයුක්ති සහගත ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා පියවර ගැනීමට ” පොරොන්දු වූ රජයක් (ජා.ජා.බ. මැතිවරණ ප්‍රකාශනය, 2024. පිටු අංක 77) දැන් එම ස්ත්‍රීන්ගේ පීඩිත ණය බරට තවත් බර එකතු කිරීම පිළිබදව යුක්ති සාමූහිකය දැඩි කණගාටුව හා කලකිරීම ප්‍රකාශ කරන්නෙමු.
අනුර කුමාර දිසානායකගේ රජය විසින් පනවන ලද සියලුම නීති මෙන් මෙම නව පනත ද ජනතා විරෝධී වීම වීමෙන්ම පිළිඹිබු කරන්නේ මෙම රජයේ පාලනය රනිල් වික්‍රමසිංහ රජයෙයේම දිගුවක් බවයි. මෙම පනත ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ මූල හේතු වලට විසඳුම් ලබා දීම මගහැර ඇති අතර, කාන්තා ණය ගැතියන්ට සාධාරණත්වය නොසලකා හැර ඇත.
ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ රාජ්‍ය ණය අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගැනීමට මෙම පනත අසමත් වී ඇත. ජාතික ණය නම් විෂම වක්‍රය තීව්‍ර වනුයේ සහනධායි ණය ලබා ගැනීමට තිබෙන දුර්වල ප්‍රවේශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන්වල වර්ධනයක් නොමැති වීම.
යෝජිත නව අධිකාරිය තුළ කාන්තාන්ට සමාන නියෝජනය තහවුරු කිරීමට මෙම පනත අපොහොසත් වී ඇත. කාන්තා ණය ගැතියන්ගේ සහ ඔවුන් විසින්ම පවත්වාගෙන යනු ලබන සංවිධානවල නියෝජිතයින් මෙම නියාමන අධිකාරියේ නොමැති නම්, එහි සාමාජිකයින් කාන්තාවන්ගේ ජීවිත අත්දැකීම් දැන ගන්නේ කෙසේද සහ ජීවිත පවත්වා ගැනීම සඳහා එම කාන්තාවන්ගේ වැටුප් සහිත සහ රහිත දායකත්වයන්ට වටිනාකමක් ලබා දෙන තීරණ ගන්නේ කෙසේද?
පද්ධතිමය වෙනසක්:
ණය ගැති පවුල් මිලියන ගණනක් ජා.ජා.බා. සඳහා ඡන්දය ප්‍රකාශ කරන්නේ ‘පද්ධතීමය වෙනසක් බලාපොරොත්තුවෙනි. නමුත් රජය ඔවුන්ට දුන් පොරොන්දුවට ගරු කරනවා වෙනුවට නීති සම්පාදන ක්‍රියාවලියේදී මෙන්ම නව පනත මගින් ද ඔවුන්ට අවධානයක් ලබා දී නොමැත.
නව රජයේ සමහර කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු ජා.ජා. බ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියක් ලෙස සම්මතකරන ලද පනත කියවා තේරුම් ගෙන නොමැති අතර, පනත පිළිබඳව ඔවුන්ගේ මැතිවරණ කොට්ඨාශවල ප්‍රජා ණය සැපයුම්කරුවන්ගේ අදහස් විමසීමක් ද පවත්වා නොමැත.
කොල්ලකාරි ණය දීම විධිමත් සහ අවිධිමත් අංශ වල තව දුරටත් ක්‍රියාත්මක වේ. මෙම තත්වය තුළ, කොල්ලකාරි ණය දීම සහ අයකර ගැනීමේ පිළිවෙත් තේරුම් ගැනීමට, හඳුනා ගැනීමට සහ තහනම් කිරීමට පනත අසමත් වී
ඇත. පුරවැසියන් වෙනුවෙන් ‘ බලපත්‍රලාභී මුල්‍ය සමාගම් නිසි ලෙස නියාමනය කිරීමට මහ බැංකුවේ අසමත්භාවය වසා ගැනීම සඳහා මෙම පනත යොදා ගෙන ඇත.
මෙහි දී විශාලතම වැරදිකරුවන් වන්නේ තැන්පතු හිමියන් වන විශාල මූල්‍ය සමාගම් වේ. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ අතර වේ. එම නිසා, සමහර නීති සම්පාදකයින් සූරාකෑම හරහා අතිරික්ත ලාභ ඉපැයීමෙන් ප්‍රතිලාභ ලබන්නේ දුප්පත් ග්‍රාමීය කාන්තාවන් බිල්ලට දීමෙනි.
නීති ප්‍රතිසංස්කරණ මගින් ණය ලබා දීමේදී හිංසාකාරීන් සහ මැරයන් මැඩ පැවැත් විය යුතු වුවද යොජිත අධික නියාමනය හරහා, මරණාධාර සමිති, ගොවි සංගම් සහ නාගරික හා ග්‍රාමීය කාන්තා සාමූහික වැනි අවදානමට ලක්විය හැකි වැඩ කරන පාන්තික කාන්තාවන්ට උපකාර වන සහ හානිකර ප්‍රතිසාධන පිළිවෙත් වලින් ආරක්ෂා කිරීමට ඔවුන්ට සහාය වන ප්‍රජා පාදක ණය දෙන්නන් මුලින් උපුටා දමනු ලැබේ.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන්:
මෙම නව නීතිය සඳහා උසිගන්වනු ලබන්නේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් නියම කරන ලද ප්‍රාග්ධන හිතකාමී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ස්ථාපනය කිරීමට මිස කොල්ලකාරී ණය දෙන්නන්ගෙන් වින්දිතයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට නොවේ.
2016 ක්ෂුද්‍ර මුල්‍ය පනතේ සිට රනිල් වික්‍රමසිංහගේ 2023 දැක්ම දක්වාම ආසියානු සංවර්ධන බැංකුව ADB) විසින් ලබා දෙන ණය හරහා මෙම ප්‍රතිගාමී නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කර ඇත.
2024 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සමහර වෙනස්කම් සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් විසින් ඉල්ලා සිටින වෙනස්කම් විරහිත 2026 පනත, ADB ණය කොන්දේසි වලට අනුකූලව ජා.ජා.බ. රජය විසින් ඉදිරියට ගෙන ගොස් ඇත.
බැංකු, මුල්‍ය, වෙළඳාම සහ ආයෝජන සඳහා නියාමනය ඉවත් කිරීමේ ප්‍රවේශය සහ දුප්පත් ජනතාවගේ ඉතුරුම් සහ ණය ආයතන අධික ලෙස නියාමනය කිරීම, ජා.ජා.බැ.ය විපක්ෂයේ සිටිය දී විවේචනය කරන ලද, මහා ප්‍රාග්ධනයට පක්ෂග්‍රාහි වීමේ ලක්ෂණයකි.
ප්‍රතිසංස්කරණ නිර්දේශ:
කෘෂිකර්මාන්තයේ කාන්තා නිෂ්පාදකයින්ට සහ ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර කරුවන්ට මෙන්ම, කම්කරුවන් සඳහා සාධාරණ වැටුප් සහ සමාජ ආරක්ෂාවක් සහිතව ගෞරවනීය ජීවනෝපායක් සහ යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා අවස්ථා වැඩි කරන රාජ්‍ය බැංකුවලින් සහ මහජන අරමුදල් වලින් සහනධායී ණය සඳහා ප්‍රවේශය වැනි මූල්‍ය හා බැංකු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.
Leave a comment